ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් සටන අද

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන කුළුදුල් ටෙස්ට් සටන අද ඇරඹේ..

by Staff writer 02-02-2024 | 7:43 AM

 COLOMBO (News 1st) – 2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(02) ආරම්භ වෙයි. 

ඒ, සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනනේ හෂ්මතුල්ලා ශහීඩි ය.

පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියට ඇතුළත් වූ දිමුත් කරුණාත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින් මෙම තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ය.

නායක හෂ්මතුල්ලා සමග ඊබ්‍රහීම් සද්රාන්, රහ්මත් ෂා, ඉක්රම් අලිකිල් සහ කායිස් අහමඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ද ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තරග බිමට පිවිසීමට සූදානම් ය .

ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 8වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඇෆ්ගනිස්ථානයට එහි හිමිව ඇත්තේ 11වැනිස්ථානයයි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.