රට හැර යන වෛද්‍යවරු...

පසුගිය වසර 2 තුළ වෛද්‍යවරු 1700ක් රට හැර ගිහින් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

by Haindu Gihan 11-02-2024 | 7:07 AM

COLOMBO (News 1st) - පසුගිය වසර දෙක තුළ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් එක්දාස් හත්සියයකට වැඩි පිරිසක් විදෙස්ගතවී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කලේ රට තුළ පවතින අර්බුධකාරී වාතාවරණය හා ආර්ථික ගැටලු මෙයට හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය තුළ ප්‍රධාන රෝහල් හා කුඩා රෝහල්වල කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.