නිවාස තුන් දහසක් විවෘත කිරීම අද සිට...

නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නිවාස තුන් දහසක් විවෘත කිරීම අද සිට...

by Staff writer 23-11-2026 | 11:57 AM

COLOMBO (News 1st) - තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නිවාස තුන් දහසක් විවෘත කිරීමේ කටයුතු අද (23) ආරම්භ වේ.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසුවේ,  උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහ දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස අද (23) සිට 27 වැනිදා දක්වා එලෙස විවෘත කෙරෙන බවයි.

දෙසැම්බර් මස මුල් සති දෙක තුළ තවත් නිවාස දහසක් විවෘත කෙරෙන බවද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.