37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද කොළඹදී..

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද කොළඹදී..

by Staff writer 19-02-2024 | 6:50 AM

COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද(19)  කොළඹදී ආරම්භ වෙයි. 

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතයි.

ඉන් රටවල් 35 ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරීන් ද 300 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

අද දිනයේ නිල වශයෙන් 37 වන ආසියා පැසිපික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතයි.  

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබේ. 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන පළමු සමුළුව මෙය වන බවයි.

මෙම සමුළුව අප රටට ඉතාමත් වැදගත් වන අතර 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අද ආරම්භ වන මෙම සමුළුව ලබන 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇති.