ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්⁣ට් සටන අද ඇරඹේ..

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්⁣ට් සටන අද ඇරඹේ..

by Staff writer 30-03-2024 | 9:15 AM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) චිතගොන්හි ආරම්භ වෙයි. 

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ලකුණු 328ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරයි. 

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ ශකීබ් අල් හසන් අද තරගයට ක්‍රීඩා කරනු ඇති. 

මෙම කණ්ඩායම් දෙක අතර චොට්ටොග්‍රාම්හීදී පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ, චොට්ටොග්‍රාම් තණතිල්ල පිතිකරුවන් සඳහා යෝග්‍ය තණතිල්ලක් බවයි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වෙයි.