The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....

The Voice Kids Sri Lanka කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....

by Staff writer 21-04-2024 | 7:31 AM

COLOMBO (News 1st) - The Voice Kids Sri Lanka අවසන් මහා තරගය ඊයේ (20) අති උත්කර්ශවත් අයුරින් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදි පැවැත්විය.

මෙරට පළමුවරට පැවැත් වුණු  මෙම වැඩසටහනෙහි කිරුල දිනා ගත්තේ මහනුවර සිට පැමිණි අස්ලම් රොෂාන්.

සිරස TV නවතම රියැලිටි වැඩසටහන  - The Voice Kids Sri Lankaආරම්භ වූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 23 වැනිදායි .

සිරස මාධ්‍ය ජාලය හා M Entertainments  එක්ව සංවිධානය කල මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම වයස අවුරුදු 7-14 ත් අතර දරුවන්ගේ පමනක් නොව මුළු මහත් සමාජයේම කතා බහට ලක් විය.

Blind Auditions, Battles, Sing-off, Quarter Finals, Semi Finals සහ The  Final වශයෙන් තරගකරුවන් සහ තරගකාරියන් ප්‍රධාන වශයෙන් මාස 6ක් තිස්සේ අදියර කිහිපයක් යටතේ තරග එකිනෙකා සමග තරග වැදිණි.

ප්‍රදීප් රංගන, නදිනි ප්‍රේමදාස , හර්ෂණ දිසානායක, උරේෂා රවිහාරී  වැඩසටහනේ  පුහුණුකරුවන් ලෙස කටයුතු කළ හ.

වැඩසටහන මෙහෙය වූයේ ජනප්‍රිය ගායිකා නතාෂා පෙරේරායි.

දිවයිනේ, විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වුණු දක්ෂයින් අතර අති දක්ෂයින් 8 දෙනෙක් ඊයේ  පැවති අවසන් මහා තරගයේ දී තරග වැදුණ හ.


 M Entertainments 1999 වසරේ සිට ක්‍රියාත්මක B&S/ ඉරාජ් / අශාන්ති / උමාරියා / සෙන්ටිග්‍රේඩ්ස් ඇතුළු බොහෝ ගායක ගායිකාවන්නේ වෘත්තිය ගමන දියත් කෙරුණු ප්‍රබලතම සංගීත සන්නාමයක්.  

ඒ අතරට අද සිට Voice Kids කිරුළ දිනා ගත්  අස්ලම් රොෂාන්ගේ නාමයත් එක් වනු ඇත.