.webp)
මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අද දවසේ විවාදයට ගැනීමට නියමිතයි.
ඊට අමතරව, ක්ෂදු මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හා එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කර ඇති නියමයන් හා ආනයන අපනයන පාලන පනත යටතේ ගැනෙන රෙගුලාසී අප පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණෙනු ඇති.
පස්වරු 4.00 සිට 5.30 දක්වා විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් ය.