සිරස TV අද සිට HD තාක්ෂණය ඔස්සේ..

සිරස TV අද සිට HD තාක්ෂණය ඔස්සේ..

by Staff writer 02-04-2024 | 3:54 PM

COLOMBO (News 1st) - දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවට නැවුම් රූපවාහිනී අත්දැකීම් තිළිණ කළ සිරස TV අද(02) සිට HD තාක්ෂණය ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප වෙනවා.

සිරසTV, HD තාක්ෂණයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීම අද(02) පෙරවරුවේ දෙපානම සිරස විකාශන මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.

HD තාක්ෂණය ඔස්සේ, පෙරටත් වඩා සුපැහැදිලි දසුන් නැරඹීමේ අවස්ථාව දිවයින පුරා සිටින ප්‍රේක්ෂක ජනතාවට මේ අනුව අවස්ථාව හිමිවනු ඇති. 

කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි  ඇතුළු නිලධාරීන් රැසක් මෙම කටයුත්ත සඳහා එක්ව සිටියේය.