පළාත් 07ක අදත් දැඩි උණුසුම් තත්ත්වයක්..

පළාත් 07ක අදත් දැඩි උණුසුම් තත්ත්වයක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 20-04-2024 | 6:48 AM

COLOMBO (News 1st)  - පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

උතුරු , උතුරුමැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර , දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය. 

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල ද උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. 

උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.