පැය 24ක් තුළ කෝටි 40ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට

යුක්තිය මෙහෙයුමෙන් පැය 24ක් තුළ කෝටි 40ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට

by Staff writer 28-04-2024 | 6:05 AM

COLOMBO (News 1st) - යුක්තිය මෙහෙයුම යටතේ පොලීසිය දිවයින පුරා කළ වැටලීම්වලින් පැය 24ක් තුළ කෝටි 40කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එහිදී ආයුධ සමග වාහන 17ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් උපයාගත් මුදල් හා දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.