වන විනාශය ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායම්

වන විනාශය ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායම්

by Staff writer 28-04-2024 | 6:23 AM

COLOMBO (News 1st) - දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, වන විනාශයන් පිළිබඳ වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇති බවය.

මේ අතර සිංහරාජ වනාන්තරයට හානි සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු මත විශේෂ කණ්ඩායමක් යොදවා ඒ පිළිබඳව සොයා බැලූ බව නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදුව නොමැති බව එහිදී තහවුරු වී ඇති බවයි.