.webp)
හරාරේහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115ක්.
ක්ලයිව් මදන්ඩේ නොදැවී ලකුණු 29යි.
ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 102ක් පමණයි.
නායක ශුබ්මන් ගිල් ලකුණු 31යි.
නායක සිකන්දර් රාසා සහ ටෙන්ඩයි චටාරා අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ.
කෙසේ නමුත් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ කිසිදු ක්‍රීඩකයෙක් මෙම තරගාවලියේදි ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව නැහැ.