ජනපතිට ලෝක බැංකු සමූහයෙන් සුබ පැතුම්!

ජනපති අනුරට ලෝක බැංකු සමූහයෙන් සුබ පැතුම්!

by Staff writer 26-09-2024 | 10:56 PM

COLOMBO - (News1st) -මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබේ.

ඒ, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා  සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය  උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ය.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංර්ධනය සඳහා අඛණ්ඩව සහාය දෙන බවයි.

ඒ සඳහා රජයේ  අඛණ්ඩ සහයෝගය අපෙක්ෂා කරන අතර  ආර්ථික වර්ධනය , සෞභාග්‍ය හා සංවර්ධනය  සඳහා ඇති අවස්ථාව ද  ඒ හා සමානව වැදගත්  බව එම ලිපියේ සඳහන් වේ.

වඩා අවදානමට ලක්විය හැකි  ප්‍රජාවන්ගේ අවශ්‍යතා  සපුරාලීම මෙන්ම  සියල්ල ඇතුළත් වර්ධනයක්  අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ  නායකත්වයට ලෝක බැංකු සමූහයේ  සහාය ලබාදීමට කැපවන බව ද එම ලිපියේ සඳහන් වේ.