.webp)
ඒ , මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදියි.
සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා පසුගිය අගෝස්තු 24 වැනිදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණ ද, ඒ සඳහා මුදල් වෙන් කර නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
එම අන්තර්කාලීන දීමනාව මේ මස විශ්‍රාම වැටුප සමඟ නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයින් මුහුණ දී ඇති දුෂ්කරතා හා ඒ පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම සලකා බලමින් පවතින රාජ්‍ය මූල්‍ය දුෂ්කරතා තුළ වුවද මෙම මස සිටම එම මුදල ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එම නිවේදනයේ සඳහන්.
ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප මේ වන විට ගෙවා අවසන් බැවින්,රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන්නැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.