ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක

ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක...

by Staff writer 29-03-2025 | 10:05 PM

COLOMBO (News 1st) –Twitter කියලා Social media platform එකක් තිබුනා මතකද?

ඔව් ඇයි ඒකට... මොකද වෙලා තියෙන්නේ?

අහන්නකෝ කතාව.

අමෙරිකානූ ඩොලර් බිලියන 44ක මුදලකට ඊලෝන් මස්ක් 2022 දී මේ Twitter සමාගම මිලදී ගත්තා.

එහෙම කරලා X කියලා Twitter සමාගම රී බෑන්ඩ් කළා.

ඉතින් ඉටපස්සේ හැමෝටම කියන්න වුනා Twitter පණිවිඩයක් ඔස්සේ නෙමෙයි  X පණිවිඩක් හරහා  අරයා මෙයා මෙහෙම කිව්වා කියලා.

දැන් වෙලා තියෙන්නේ මේකයි.

ඊලෝන් මස්ක් මිලදී ගත්ත Twitter සමාගම ඔන්න ආයෙත් විකුණලා තියෙනවා.

අමෙරිකානූ ඩොලර් බිලියන 33ක මුදලකට.

හැබැයි විකුණලා තියෙන්නේ ඊලෝන් මස්ක්ගෙම Startup එකක වෙන කෘතිම බුද්ධිය ආශ්‍රිත නිශ්පාදනයන් කරන xAI සමාගමට.

ඉතින්  ලොව පුරා මිලියන 600කට වැඩිය Usersලා ඉන්න  X platform එක  xAI  Startup එකත් එක්ක එකතු වෙලා
මින් ඉදිරියට වැඩකටයුතු කරගෙන යනවා කියලා තමයි  ඊලෝන් මස්ක් කියන්නේ...