බොරතෙල් මිලේ අඩුවීමක්..

අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් මිල 2%කින් පහළට..

by Hashini De Mel 15-10-2024 | 7:53 AM

COLOMBO ( News 1st ) -අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (14) 2%කින් පහළ ගොස් තිබේ.

ඒ, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය බොරතෙල් ඉල්ලුම අඩුවෙනු ඇතැයි, පුරෝකථනය කිරීම හේතුවෙන්.

ඒ අනුව දෛනික බොරතෙල් ඉල්ලුමේ වර්ධනය බැරල් මිලියන 2ක සිට මිලියන 1යි දශම 9ක් දක්වා අඩුවනු ඇතැයි ඔවුන් සඳහන් කළේ ය.