රු. 3000 දීමනාව ගැන දැනුම්දීමක්..

රු. 3000ක මාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට දමයි - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 16-10-2024 | 1:00 PM

COLOMBO ( News 1st ) - රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට අද මුදා හැර තිබේ.

තැපැල් කාර්යාල හා උප කාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට ලබන 18 වැනිදා සිට එම මුදල් ලබා ගත හැකියි.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  ඊට (15) අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා  දුන්නේ ය.

එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් ඊට අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණේ නැත.

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක්  වෙනුවෙන් මෙම අතුරු දීමනාව හිමිවේ.