ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම්

ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් - ජනපති

by Staff writer 26-10-2024 | 10:26 PM

COLOMBO (News 1st) - ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ජන රැළිය අමතමිනි.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ මෙම ජන රැළිය පැවැත්වුණේ කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදීයි.