ඇය ඒ බව සඳහන් කළේ කොළඹදී විද්වත් ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලන බලපෑමක් නෑ
" හොරු අපෙන් අහනවා ඇයි අපිව හිරේ දාන් නැත්තේ කියලා.
ඉතිං අපිට ඒ හොරුන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා.
නීතිය ක්‍රියාත්මක වෙයි.අපි මේ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා ෂෝ දාන්නේ නැහැ.
නීතිය ක්‍රියාත්මක වුණාම අදාළ විදියට අදාළ තැනට හරි දඬුවම ලැබෙන විදියට ඕගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න.
නීතිය මේ පාර ක්‍රියාත්මක වෙනකොට නේද වටගල සහෝදරයා අර අත්සන් හරි විදියට එන් නැති විදියට වාක්‍යයක් නැති විදියට එහෙම වෙන්නේ නැහැ.මේපාර නිතිය ක්‍රියාත්මක කරන අයට අනිසි විදියට දේශපාලන බලපෑමක් එන්නේ නෑ.අරයව බේරන්නයි මෙයාව මෙහෙම වෙන්නයි කියලා බලපෑමක් එන්නේ නැ."
මෙහිදී අග්‍රමාත්‍යවරිය වෙත ප්‍රශ්න කිහිපයක් ද ඉදිරිපත් වුණි.
ප්රශ්නය - වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ යනවා රනිල් මහත්තයා වැඩි කරපු වැටුප දෙන්නේ නැහැ කියලා. අනිත් එක මුදල් අච්චු ගහනවා කියලා
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
" රජයේ සේවකයින්ගේ වැටුප් කිරීම ගැන කමිටුවක් පත්කළා පහුගිය ආණ්ඩුව. ඒ කමිටු වාර්තාවේ ඉන්ටරිම් රිපෝට් එක පදනම් කරගෙන තමයි ඒ ආණ්ඩුව විවිධ ප්‍රකාශ කළේ.
අපිත් එකඟ වෙනවා. පඩි වැඩි විය යුතු කියලා අපිත් පිළිගන්නවා. නමුත් ඒක තවත් අර්බුදයක් ඇති නොවන විදිහට රාජ්‍ය සේවයේ තියෙන විෂමතාවලට උත්තරයක් හොයන අතරවාරයේ දරාගන්න පුළුවන් විදිහට වැටුප් වැඩි කළ යුතුයි කියලා අපි හිතනවා.
ඒ වාර්තාවේ තියන දේවල් අපි සමාලෝචනය කරලා අපේ 2025 අයවැය තුළ අපි යෝජනාවලියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
සල්ලි අච්චු ගහපු නැති එකනේ දැන් මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන්නේ. එහෙම එකක් වෙලා නැහැ කියලා. එහෙම කරන්න බැහැ."