වී හා සහල් ගැන වෙළෙඳ අමාත්‍යාංශයට වාර්තාවක්..

වී හා සහල් තොග පිළිබඳ වෙළෙඳ අමාත්‍යාංශයට ලැබුණු අලුත්ම වාර්තාව..

by Staff writer 01-11-2024 | 7:59 AM

COLOMBO (News 1st) –දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශයට භාරදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඊට අම්පාර, අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ දත්ත ඇතුළත් ය.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවල පවතින වී හා සහල් තොග පිළිබඳ වාර්තා ලබා ගත යුතු බවයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල වී හා සහල් තොග ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අනියුක්ත කර ඇති බව එම අධිකාරිය පැවසුවේ ය.

මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.