ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ප්‍රාදේශීය හමුදා සහ පොලිස් ප්‍රධානීන් පවතින ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව ලේකම්වරයා දැනුවත් කළ බවයි.
ඒ අනුව එළැඹි නිගමනයන් මත ආරුගම්බේ ඇතුළු සංචාරක ආකර්ශනීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.