COLOMBO (News 1st) - පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි අවි දෙසැම්බර් 30ට පෙර ළඟම පොලිසියට භාර දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් පොලීසිය සතු බවයි.
එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දුන් බව ද, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.