ඔක්තෝම්බර් උද්ධමනයේ අඩු වීමක්..

සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝම්බර් උද්ධමනයේ අඩු වීමක්..

by Staff writer 10-11-2024 | 9:16 PM

COLOMBO (News 1st) –පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝම්බර් මාසයේ බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වී තිබේ.

ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සටහන් වුණේ, 189.9 ක් ලෙසයි.

එහි මාසික වෙනස, සෘණ 0.53 % කි.

පසුගිය සැප්තැම්බර් මාසයේ උද්ධමනය 190.9 ක් ලෙස දැක්වුණු අතර එහි මාසික වෙනස සෘණ 0.12 කි.