අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු පත්කරන්න අනුමැතිය

අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය..

by Staff writer 16-11-2024 | 12:39 PM

COLOMBO (News 1st) -

මූර්දු ප්‍රනාන්දු මහත්මිය අගවිනිසුරු ලෙස පත් කිරීමට අදාළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අනුමත කර තිබේ.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ රාත්‍රියේ රැස්වුණේ, මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි.