COLOMBO (News 1st) -
10 වැනි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගය පවසයි.එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමට නියමිතව තිබේ.
පක්ෂ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
සෙසු පක්ෂ ද, පාර්ලිමේන්තුවට යවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාමාවලිය, මෙතෙක් සකස් කර නැහැ.