වී සහ සහල් තොග පිළිබඳ පිළිබඳ වාර්තාව ජනපතිට..

වී සහ සහල් තොග පිළිබඳ පිළිබඳ වාර්තාව ජනපතිට..

by Staff writer 16-11-2024 | 6:55 AM

COLOMBO (News 1st) -

වී මෝල් හිමියන් සතු වී සහ සහල් තොග පිළිබඳ වාර්තාව ජනාධිපති කාර්යාලයට භාර දී තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම් නයිමුදීන් මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත, අදාළ වාර්තාව සකස් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ය.

එය, පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දුන්නේ ය.