ජනාධිපතිවරයා මේ බවපැවසුවේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකශය 10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරයට ඉදිරිපත් කරමින්ය.
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරයට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරවරු 11.20ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.
ජනාධිපතිවරයාව එහිදී පිළිගනු ලැබුවේ, කතානායක අශෝක රන්වල මහතා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසිනි.
පසුව පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකශය ඉදිරිපත් කළේ ය.
ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ කරුණු මෙසේයි.
දශක ගණනාවක් කඳවුරු දෙකක තිබුණු දේශපාලන බලය අප වෙත ලැබීම නිසා මෙය ඉතා වැදගත් අවස්ථාවක්
උතුරු , දකුණ , නැගෙනහිර සහ බටහිර සියලු ජන වර්ගයන් මේ ජනවරමට දායක වී තිබේ.
සියලු ජන කණ්ඩායම් අප කෙරෙහි විශ්වාසය තබලා අපි වෙත බලය ලබා දිලා තිබෙනවා.
ඒ සියලු ජනතාවට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි කෙරෙහි විශ්වාසය තබපු නැති වෙනත් කඳවුරුවල ඉන්න ජනතාවත් ඉන්නවා. ඒක ප්රජාතන්ත්රවාදි අයිතියියක්. ඒ නිසා අපිට ඡන්ද දුන් නොදුන් සියලු ජනතාවගේ උවමනාවන්, බලාපොරොත්තු ඉටු කිරීම අපේ වගකීමක්. ඒ නිසා සියලු ජනතාවගේ වගකීම් ඉටු කරන්න අපි රජයක් විදියට බැඳී සිටිනවා
ජාතික වගකීම ගොඩනැගනීමේ ප්‍රබල අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා
යළි කිසි දිනෙක ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ
මේ ජන වරමේ තවත් ප්‍රධාන අපේක්ෂාවක් තිබ්බා. ඒ තමයි අයහපත් දේශපාලන සංස්කෘතිය. මම 2000 වසරේ ඉඳලා අවුරුදු 24ක් පාර්ලිමේන්තුව හිටියා. මගේ ඇස් දෙකට දැකලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය ජනතාව ඉදිරියේ කඩන් වැටෙනවා.
ඒ නිසා ජනතාවගෙන් ඈත්වුණු පාර්ලිමේන්තුවක් බවට යළි මෙය පත් කර ගන්නේ නැ. ජනතාවට සමීප පාර්ලිමේන්තුවක් බවට මෙය පත් කරනවා
මහජනයාට සැඟවුණු මධ්‍යස්ථානයක් බවට තවදුරටත් පාර්ලිමේන්තුව පත් වෙන්නේ නෑ
ලංකා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් ආණ්ඩුවට ඡන්දය දීපු මැතිවරණයක් තමයි මේ තිබ්බේ. රාජ්‍ය සේවය ගැන ජනතාව සතුටු නෑ.
රාජ්‍ය සේවකයිනුත් සේවය ගැන තෘප්තිමත් නෑ.
එම නිසා ජනතාවත් රාජ්‍ය සේවකයාත් තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් රට තුළ ඇති කරනවා
බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි රාජ්‍යක් නිර්මාණය කරනවා
නීතියේ විධානය ආධිපත්‍ය සහතික කිරීමට කටයුතු කරනවා
විවිධ අවස්ථාවල සිදුවූ අපරාධ රටේ දේශපාලන වේදිකාවල වාසිය උදෙසා අරන් තියෙනවා. නීතිය පිළිබඳ ජනතාවට විශ්වාසය ඇති කරනවා. එය අපි නොකර වෙන කවුරු කරන්නද?
මේ ආර්ථිකව ඉතා සිවුම්ව බිඳ වැටෙන්නට ඉඩ නොදී රැකගත යුතුයි, එම නිසා මේ ආර්ථිකය තුළ අපිට කිසිදු වැරැද්දක් කරන්න අවස්ථාවක් නෑ. ඒ අනුව IMF එකඟතාවන්ට අනුව කටයුතු කරන්න අපි සූදානම්!
දෙසැම්බර් අග වනවිට ණය ප්‍රතිව්‍යුහගත කාර්ය අවසන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා
IMF කාර්ය මණ්ඩල මට්ටමින් ලබන සිකුරාදා ගිවිසුමකට එළැඹීමට හැකි බවට විශ්වාස කරනවා
ජනපතිගේ ආර්ථික උපාය මාර්ග
3
.භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම
2.ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ජනතාවට ප්රතිලාභ දීම
3.ජාතික ධනයේ ප්රතිලාභ සාධාරණව ජනතාව අතරට ගලා යාමට කටයුතු කරනවා
අපේ අරමුණ පාරිභෝගිකයන් වෙත අඛණ්ඩවත්, ගුණාත්මකවත්, සාධාරණ මිලකටත් භාණ්ඩ හා සේවා පුරවැසියන් වෙත ලබා දීමයි
වෙළඳපොලේ විකෘතීන් නැති කරන්න අවශ්‍ය නීති ගැන සලකා බලනවා
බලශක්ති වෙළෙඳපොලේ රාජ්‍ය පංගුවක් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක විය යුතුයි
මූල්‍ය වෙළෙඳපොළෙත් රාජ්‍ය පංගුවක් ක්රියාක්මක විය යුතුයි
වෙළඳපොල සංවිධානාත්මක කරමින් සමූපකාර ජාලය ශක්තිමත් කරනවා
මිලියන 4ක සංචාරකයින් ගෙන්වා ගැනීමට සහ ඩොලර් බිලියන 8ක් දක්වා සංචාරක ආදායම වර්ධනය කර ගන්න කටයුතු කරනවා
IT කේෂ්ත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධන කිරීමට කටයුතු කරනවා
රටේ පිහිටීම අනුව මෙය ප්‍රබල හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරනවා
කෘෂිකර්මාන්තය නව පිම්මක් පැනීම අපේ අරමුණයි
ධීවර කර්මාන්තයට සහන දෙනවා
පෞද්ගලික අංශයත් දායක කරගෙන ඛනිජ සම්පත්වලින් අගය එකතු කළ කර්මාන්ත පද්ධතියක් බිහි කරනවා
විද්‍යා හා තාක්ෂණයෙන් නව පිම්මක් පැනීම සඳහායි වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීමට කටයුතු කළේ
ආචාර්ය හාන්ස් විජේසූරිය ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා යන ගමනේදී ඩිජිටල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවටත්, ICT ආයතනයේ සභාපතිවරයා බවටත්, ජනපතිගේ ඩිජිටල් පිළිබඳ උපදේශක බවටත් පත් කිරීමට මම සූදානම්
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බව ජනපති කියයි.
"ක්ලීන් ශ්‍රී ලංකා" යනු පරිසරය පමණක් පිරිසිදු කිරිම නෙමෙයි
පාසල් පොත් මිලදී ගැනීම සඳහා පාසල් යන දරුවන් වෙනුවෙන් රජයෙන් දීමනාවක්
එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයින්ට සාධාරන වැටුප් වැඩිවීමක්
ළඳරු මන්ද පෝෂණය අවම කිරීම වෙනුවෙන් දීමනාවක්
ගැබිණි මව්වරුන් ආරක්ෂා කර පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩපිළිවෙළක්
ආබාධිත පුද්ගලයින් බලා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබා දීමට කටයුතු කරනවා
ධීවර, කෘෂිකර්ම වැනි කර්මාන්ත ලාභදායි කේෂ්ත්‍ර බවට පත් කිරීමට කටයුතු කරනවා
රට අත්හැර යාමේ උන්මාදය වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක් වීමේ උන්මාදයක් ඇති කිරීමට රජයෙන් කටයුතු කරනවා
අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකම් ඉදිරි මාස 4ක් සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට
අයවැය ලේඛනය ලබන පෙබරවාරි මුල පාර්ලිමේන්තුවට