නියෝජ්‍ය අමාත්‍යවරු 29 ක් දිවුරුම් දෙයි

නියෝජ්‍ය අමාත්‍යවරු 29 ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

by Staff writer 21-11-2024 | 4:19 PM

COLOMBO (News 1st) – නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය

නාමල් කරුණාරත්න -  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය

වසන්ත පියතිස්ස - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය

නලින් හේවගේ - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය

ආර්. එම්. ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය

ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය

ටී. බී සරත් - නිවාස නියෝජ්‍ය

රත්න ගමගේ - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය

මහින්ද ජයසිංහ - කම්කරු නියෝජ්‍ය

අරුණ ජයසේකර - ආරක්ෂක නියෝජ්‍ය

අරුන් හේමචන්ද්‍රා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය

ඇන්ටන් ජයකොඩි - පරිසර නියෝජ්‍ය

මොහොමඩ් මුනීර් - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය

ඉංජිනේරු එරංග වීරරත්න -  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය

එරංග ගුණසේකර - තරුණ කටයුතු නියෝජ්‍ය

චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය

ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය

වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය.

රුවන් සෙනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය

වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය

වෛද්‍ය හංසක විජේමුණි - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය

උපාලි සමරසිංහ -  සමූපකාර සංවර්ධන නියෝජ්‍ය

මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය

සුගත් තිලකරත්න - ක්‍රීඩා නියෝජ්‍ය

සුන්දරලිංගම් ප්‍රදීප් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය

නීතිඥ සුනිල් වටගල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය

වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය

වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය