ජනතාවට හයියක් වූ සිරස - ශක්ති සහන යාත්‍රාව

කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාවට හයියක් වූ සිරස - ශක්ති සහන යාත්‍රාව

by Staff writer 04-12-2024 | 9:37 PM

COLOMBO ( News 1st )-වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසනු පිණිස,සිරස ශක්ති මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කළ එම ප්‍රජා සත්කාරයේ දෙවැනි දිනය අදයි.  

කණ්ඩායම් 4 ක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් ජනතාවට ද්‍රව්‍යාධාර බෙදා දුන්නේ ය.

වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් සහන යාත්‍රාව ඊයේ උදෑසනකොළඹින් ගමන් ආරම්භ කර  මන්නාරම, මඩකලපුව, මුලතිව් සහ අම්පාර  දිස්ත්‍රික්කවලට පැමිණියේ ය.

ඊයේ මෙන්ම අද දිනයේත් එම ද්‍රව්‍ය බෙදා දුන්නේ වැසි සහ ජලගැලීම්වලින් පීඩාවට පත්ව අසරණව සිටි ජනතාවටයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්නෙත්තිව්, කාත්තන්කුඩි, කලවංචිකුඩි සහ සිත්තන්ඩි ඇතුළු ප්‍රදේශවලට සහන යාත්‍රාව පැමිණියේ ය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකටද ද්‍රව්‍යාධාර බෙදා දුන්නේ ය.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ, පොතුවිල් සහ නින්දවූර් ඇතුළු ප්‍රදේශවල විශාල පිරිසකටද,මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව අසරණව සිටි මෙම ද්‍රව්‍ය බෙදා දුන්නේ අද දහවල් ය.