තිරසර සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා කාලගුණ හා දේශගුණ පිළිබඳ සේවාවන් පවත්වාගැනීම ඔවුන්ගේ වගකීමයි.
සාමාන්‍ය ජනතාවට කෘෂිකර්ම, බලශක්ති ,ධීවර නාවික රක්ෂණ සහ අනෙකුත් අංශ සඳහා කාලගුණික හා දේශගුණික සේවා සැපයීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය වන අතර අයහපත් කාලගුණය, එනම් සුළි සුළං, අධික වර්ෂාව, අකුණු අධික සුළං, සුනාමි පිළිබඳ අනතුරු ඇඟවීමත් උපදේශන සැපයීමත් ඔවුන්ගේ කාර්ය අතරට අයත්.
සුළි කුණාටු ආදී විපත් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන එක් නිවේදනයකින් ජිවිත රැසක් බේරා ගත හැකියි.
ලොව බොහෝ රටවල් මේ වන විට කාලගුණ දත්ත ලබා දීමට නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරනු දැකිය හැකියි.
බොහෝ රටවල් සුළි සුළං කුණාටු වැනි ආපදා තත්ත්ව කල් තියා හඳුනාගන්නා අතර ඒවා පැමිණෙන දින, සිදුවිය හැකි හානිය, හානි සිදුවන ප්‍රදේශ, ඉවත් කළ යුතු පිරිස් , ඉවත් කරන ස්ථාන ආදීය සම්බන්ධයෙන් පෙර සූදානමක් සිදු කරනු දැකිය හැකියි
අමෙරිකාවට පසුගිය දින බලපෑ මිල්ටන් , හෙලීන් ආදී සුළි කුණාටු අමෙරිකාව කල් තියා හඳුනා ගත් අතර ඒ සඳහා පෙර සූදානමක්ද දක්නට ලැබිණි.
පසුගිය දින කිහිපයේ ලංකාවට බලපෑ ෆෙංගල් සුළි කුණාටුව සඳහා ඉන්දියාව සූදානමින් සිටින්නේ, සති එක හමාරක පමණ කාලයක සිටයි.
ලොව සියළුම කාලගුණ විද්‍යා දොපර්තමේන්තු ග්‍රිනිජ් (GMT)වේලාව අනුව වැඩ කරන අතර සෑම කාලගුණ දත්තයක්ම පැය තුනකට වරක් රැගෙන අනෙකුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සමග මිනිත්තු විස්සක් ඇතුලත බෙදා ගැනීම සිදු කරනු ලබයි.
ලංකාව බොහෝ විට ඉන්දියාවේ දත්ත භාවිතා කරන නමුත් පසුගිය දින වල පැවති ෆෙංගල් සුළි කුණාටුව සම්බන්ධ තොරතුරු ඉන්දියාව ඉතා ඉක්මනින් ප්‍රචාරය කර ඊට පෙර සූදානම් උවත් අපේ රටේ ආයතනවල එතරම් උනන්දුවක් දක්නට ලැබුණාද ? යන්න ගැටලුවකි.
ගෙවුණු දින කිහිපයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග ජීවිත 16 ක් රටට අහිමි විය.
මෙය මෙවර පමණක් සිදුවූ දෙයන් නම් නොව,
2004 ඇතිවූ සුනාමි අනතුරින් රටට අහිමිවූ ජීවිත ගණන 35,000ක් අතුරුදන් වූ පිරිස 5,000ක්.
සිදුවූ අනතුර ඒ පවතිද්දී අප සුනාමි අනතුරු ඇගවීම් පද්ධති ගැන නිසි අවදානයක් ලබා නොදුන්නේ ය.
රට පුර ඇති සුනාමි අනතුරු ඇඟවීම් කුළුණු 77 න් 57 ක් ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින බව පසුගිය සුනාමි සැමරුම ආසන්නයේ කළ සොයාබැලීම්වලදී හෙළිවිය.
නමුත් 2016 සිට 2023 වෙනතෙක් රුපියල් මිලියන 90 ක් සහ මේ වසරේ ජනවාරි වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් 576,185 ක මුදලක් ගෙවා තිබේ.
ඩොප්ලර් රේඩාර් අවුලත් මෙවැනිම ගැටලුවකි.
ජපානයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙක, 2021 වනවිට සවිකර අවසන් වියයුතු නමුත්, වර්තමානයේ සිදුවී ඇත්තේ කුමක් ද?
එ පමණක් නෙවෙයි පහුගිය කාලයේ ඇඳ හැළුණු වැසිවල ප්‍රමාණයන්වල දත්ත නිවැරදිද වැරදින යන වග ප්‍රශ්න මතුකළ කරුණකි.
දිවයින පුරා තියන වැහි මාපක 453 න් පසුගිය අවුරුද්දේ මැයි 31 වනවිට 72 ක්ම නිසි ලෙස ක්‍රියානොකරන බව ජාතික විගණන කාර්යාලය හොයා ගැණිනි.
එපමණක් නොවෙයි ස්වංක්‍රිය වැහි මාපක 122 න් 52 ක්ම ක්‍රියාකාරීත්වයේ නොමැත, ඊට හේතුව ඒවා නිසිලෙස නඩත්තු නොකරීමයි.
ලංකාවට දැඩි බලපෑම් එල්ල කල ෆෙංගල් සුළි කුණාටුව පිළිබද පසුගිය 21 වැනිදා සිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවදියෙන් සිටියත් ඔවුන්ගේ දත්ත හා තොරතුරු නිවැරදිව ජන ගත වූයේද යන්න ගැටළුවකි.
ජංගම දුරකථන ඇප්වලින් උවද කාලගුණය ගැන තොරතුරු නිවැරදිව දැනගැනීමට හැකි කාලයක් වුවද අපගේ කාලගුණ තොරතුරු කොයිතරම් කලින්-හා නිවැරදිව ලැබෙනවාද?
1867 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ වූ කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අදටත් සිටින්නේ , එකී යුගයේ තාක්ෂණයත් එක්කනම්, ආයතනය
පිහිටු වීමේ අරමුණු ඉටුවනවා ද?
දැනට ලොව පවතින දියුණුතම කාලගුණ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයන් මොනවාද ? ඒවා අපි භාවිතා කරනවද?
මේ බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා..
මහාචාර්ය චරිත පට්ටිආරච්චි - සාගර විද්‍යාඥ
''අපි කියන්නේ නිවුමන් කා වෙදර් ෆෝකාස්ට් කියලා. ඒ කියන්නේ කොම්පියුටර් එකෙන් අද තියෙන තත්ත්වය අපට ෆෝකාස්ට් කරන්න පුලුවන් දවස් තුන හතරට. අපේ කාළගුණ විද්‍යා දෙපාර්තමෙින්තුවේ ඒ විදියේ ටෙක්නොලොජි එකක් නැහැ. ඒ ගොල්ලන්ට ඹක්කොම එන්නේ ඉංදියාවෙන් යුරෝපියන් වෙදර් සෙන්ටර් ඒ ගොල්ලන් ඹක්කොම ඒවා අරගෙන ඊට පස්සේ තමයි ෆෝකාස්ට් කරන්නේ''
ලංකා රජය දැනටමත් විශාල මුදලක් වැය කර ඇති ඩොප්ලර් රේඩාර් පද්ධතියකින් මෙවැනි අනාවැකි කියන්න පුළුවන්ද?
මහාචාර්ය චරිත පට්ටිආරච්චි - සාගර විද්‍යාඥ
බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලය
''මේ ඩොප්ලර් රේඩා කියන්නේ ඒක කියනවා දැන් කොහේද වහින්නේ කියලා. ඒක ෆෝකාස්ට් එකක් නෙමේ. ඒ රේඩාර් ඩෙිටා අරගෙන ඒක ෆෝකාස්ට් කරන්නේ පැයකට විතර..තව වහින්නේ තව පැයකට විතර. දවස් ගනන් ඒක කරන්න බැහැ.කාළගුණේ බලනකොට ඒක එක මොඩ්ල් එකක් ම නෙමේ ගන්නේ . ඒ ගොල්ල දන්නවා ඉංදියාවෙන් දත්ත ගන්නවා.යුරෝපයෙන්, ඇමරිකාවෙන් හුගක්ම අරගෙන ඒගොල්ලන් ඒ දාලා ඒ එක්ස්පීරියන්ස් වලට තමයි ඒ ගොල්ලන්ට ෆෝකාස්ට් කරන්නේ.''
මෙයින් පෙනී යන ප්‍රධාන කාරුණක් නම් කාලගුණය සම්බන්ධ තොරතුරු සැපයීම යනු තවදුරටත් අනාවැකි කීමක් නොව නිශ්චිතව තොරතුරු ලබාදීමක්.
අනාවැකි වැරදි විය හැක නිවැරදි විය හැක.
නමුත් දැන් ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ කාලගුණ තොරතුරු නිශ්චිතවම හරියටම හරියන ඒවායි.
විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම අනුව නිශ්චිත කරුණු නිවැරදිව ලබාදී ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට ලොව බහුතර රටවල් රැසක කාලගුණය සම්බන්ධ ආයතන සමත්.
මොකක්ද මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට - ආපදා කළමණාකරණ පද්ධතියට වෙලා තියෙන්නේ?
ඒක හෙළි කරන හොඳම තැන මේ වසරේ නිකුත් වූ විගණකාධිපති වාර්තාවයි.
වාර්තාවට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඇත්තේ දැඩි සේවක හිඟයකි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු 117 කි.
ඉන් 76% ක්ම ද්විතීක, තෘතීක විධායක මට්ටමේ ඒවා වේ.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අනුමත තනතුරුවලින් තුනෙන් එකක් නැත්නම් 177 ක් පුරප්පාඩු වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙත් පුරප්පාඩු ගණන 80කට වැඩි වේ.
දැන් මොකද වෙන්නේ?
අපේ රටේ කාලගුණ දත්ත තම පදනම්ව ක්‍රියාත්මක වන ඒහා බැඳුණු තවත් රාජ්‍ය ආයතන ගණනාවක් පවතී.
මෙම දෙපාර්තමේන්තුව අයත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඒ හා බැදුණු අනෙකුත් ආයතන වන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය , ජාතික සහන සේවා මධ්‍යස්ථානය, වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන මේ හැම ආයතනයක්ම ස්වාභාවික විපත් කළමණාකරණයේදී කටයුතු කරන්නේ, කාලගුණ දත්ත සමගයි.
අපේ රටේ ජනතාව පසුගිය ඡන්ද දෙකේදීම පැවසූවේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න යනුවෙනි. ඉතින් අවුරුදු ගණනක් පරණ ක්‍රම පරණ තාක්ෂණය පරණ බඳවාගැනීම් ක්‍රම වෙනුවෙට කාලගුණ විද්‍යාව හා සම්බන්ධ විද්‍යාත්මක දැනුමක් සහිත ප්‍රමාණික විද්වතුන් පර්යේෂකයින් බඳවාගෙන, තාක්ෂණය ලබාදීල මේ ආයතන යාවත්කාලීන කළයුතු නොවේද?
රටේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරකින නවීන ආයතනයක් බවට මේ ආයතනය පත්කළයුතු නොවේද?