අනිල් ජාසිංහට නව ලේකම් ධුරයක්...

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය අනිල් ජාසිංහට

by Staff writer 10-12-2024 | 3:05 PM

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

COLOMBO ( News1st) - ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද(10) පෙරවරුවේ අනිල් ජාසිංහ මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට යූ. එල්. උදය කුමාර පෙරේරා පත්කර තිබේ.

ඒ, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙනි.