මැතිවරණ නීතී කැඩු 22ක් අත්අඩංගුවට.

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22කට වැඩවරදී..

by Staff writer 04-09-2024 | 9:55 PM

COLOMBO (News1st) - ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළවයි.

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 163 ක් ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඉන් පැමිණිලි 119 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි.

අපරාධම වශයෙන් ගැනෙන පැමිණිලි 54 ක්ද ඒ අතර වේ.