.webp)
-628502.jpg)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෙබ් අඩවිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු ගෞටෙක් ආයතනය මගින් සිදුකරමින් ඇති බවයි.
මේ අතර, සයිබර් ප්‍රහාරයට ලක් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රවේශය යළි ලබා ගෙන තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කලේ, විදෙස් රටක පිරිසක් විසින් එම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවයි.
වෙබ් අඩවිය නිසි ආරක්ෂක ක්‍රමවේද සහ යාවත්කාලීන කිරීම්වලින් පසු යළි ජනතාවට විවෘත කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, හෙට සිට ආරම්භ වීමට නියමිත නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සිදුවන මහජන සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමේ කටයුතු සඳහා ඉන් කිසිඳු බාධාවක් නොමැති බව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේය.
ඒ අනුව, appointment.dmt.gov.lk වෙත පිවිස සේවා සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකියි.
