නි. පොලිස්පති ධුරයේ වැඩබැලීමට නව නිලධාරීන්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා පත් කෙරේ...

by Staff writer 09-03-2025 | 7:08 AM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හතරදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල රාජකාරී කිරීම සඳහා පත්කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එන්. එස්. මෙන්ඩිස් මහතා, මඩකලපුව දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා වැඩබැලීම සඳහා යොමු කර ඇත්තේ, බස්නාහිර පළාත් රථවාහන දිසාවටයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩී. එම්. එම්. ඒ. බී. මහගිරිඋල්ල මහතා රත්නපුර දිසාවේ රාජකාරී ආවරණය කර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මොණරාගල දිසාවේ රාජකාරී ආවරණ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. එම්. යූ. පී. කළුපහන මහතායි.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙදෙනකුට නව පත් වීම සහ ස්ථාන මාරුවීම් දී ඇතැයි ද, පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට ද, ස්ථාන මාරුවීම් දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම සියලු පත්කිරීම් කර ඇති බවයි.