2025දී පවුලක් සඳහා ජීවත්වීමට හිතකර රට ශ්‍රී ලංකාව

2025 වසරේ පවුලක් සඳහා ජීවත්වීමට වඩාත්ම හිතකර රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි...

by Chathurika Jayasundara 12-03-2025 | 10:19 PM

COLOMBO (News 1st) –වෙනත් රටකට පදිංචියට යන්න කෙනෙක් හිතනවා නම් සලකා බලන්න ඕන නිර්ණායක මොනවද?

ඒ රටේ සංස්කෘතිය ? රැකියාවක් සොයාගැනීමේ පහසුව ? ප්‍රවාහන සෙවා ?  අපේ ප්‍රදේශවාසීන් ?  අපේ ආරක්ෂාව ? සෞඛ්‍ය සේවාව ? අධ්‍යාපන පද්ධතිය..

රටකට පදිංචි වෙන්න යද්දී මේ දේවල් ගැන අපි විශේෂයෙන් සලකා බලනවා..

ඉතින් මේ හැම සාධකයක්ම සම්පුර්ණ රටක් වුණ ශ්‍රී ලංකාව  2025 වසරේදී ලොකේ පවුල් සඳහා වඩාත්ම හිතකර රට ලෙස නම් කර තිබෙනවා.

ඒ, සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Conde’ Nast Traveler හි වාර්තාවකට අනුවයි  

ලොව පුරා පරිශීලකයින්ට මුදල් යැවීමට උපකාර කරන ඇමරිකානු ප්‍රේෂණ සමාගමක් වන Remitly සමාගම, නැවත පදිංචි වීමට සලකා බලන අයට දැනුම් දීම සඳහා නිර්මාණය කර ඇති නව ආගමන දර්ශකයක් දියත් කර තිබෙනවා.

2025 මාර්තු මාසයේදී නිකුත් කරපු මේ වාර්තාව, සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආර්ථික ශක්තියේ සිට ආරක්ෂක මිනුම් සහ ඩිජිටල් සම්බන්ධතාවය දක්වා සාධක 24ක් යටතේ රටවල් 82ක් ශ්‍රේණිගත කරලා තියෙනවා

ඒ සෑම සාධකයකම මුළු ලකුණු 100ක් ලබා දීලත් තියෙනවා

එවැනි එක් සාධකයක් වන්නේ රටක් පවුල් සඳහා කෙතරම් හිතකරද යන්න සලකා බලමින්, එක් එක් ජාතියේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශ්‍යතාව වැනි දත්ත කරුණු සළකා බැලීම

වැඩිහිටියන් සම්පූර්ණ කරලා තියෙන පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය වසර, එක් එක් රටෙහි ළමුන් සඳහා පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වසර සහ වසරකට ළමා රැකවරණය සඳහා වන සාමාන්‍ය පිරිවැය ඇතුළු සංඛ්‍යා ලේඛනත් මෙහිදී භාවිතා කරලා තියෙනවා

වාර්තාව හරහා පවුල් සඳහා වඩාත් හිතකර රටවල් පිළිවෙලින් නම් කරලා තියෙනවා 

මේ වාර්තාවට අනුව 2025 වසරේදී ලොව පවුල් සඳහා වඩාත්ම හිතකර රටක් ඉහළින්ම ඉන්නේ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයකට පත්වීම සඳහා මෙරට අධ්‍යාපන ක්‍රමය ආකර්ෂණීය ලකුණු (1.0 න් 0.7) ලබා ගත් අතර, වසරකට ඩොලර් 354.60 ක අඩු වාර්ෂික ළමාරක්ෂක පිරිවැයක් ලබාගෙන තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 16,439.40 ට සාපේක්ෂව, එය 10 වන ස්ථානයේ පසු වුණා  

පිළිවෙලින් ශ්‍රීලංකාව , ස්වීඩනය , නෝර්වේ, නවසීලන්තය , අයිස්ලන්තය ,ජර්මනිය , ෆින්ලන්තය, ඩෙන්මාර්කය ,ඕස්ට්රේලියාව , ඇමරිකා එක්සත් ජනපදය මෙම ලැයිස්තුවය ඇතුළත් වනවා