.webp)
අධිකරණයේදී අනාවරණය වූයේ, මෙලෙස දඬුවම් නියම වූ යෝගී පටේල් නැමැත්තා, මේ වසරේ ජනවාරි මාසයේදී මුහුදු මාර්ගයෙන් අමෙරිකාවට පලා ගොස් ඇති බවයි.
මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා යෝගී පටේල්ට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 850ක දඩයක්ද නියම කළේ ය.
ඊට අමතරව පැමිණිලිකාර උපුල් තරංග මහතා වෙත රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි.
2024 වසරේදී පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට මුදලට තරග පාවා දෙන ලෙස කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු යෝගී පටේල් ඉල්ලීමක් කළ බවට චෝදනා එල්ල විය.
උපුල් තරංග මහතා විසින් එම ඉල්ලීම පිළිබඳව පැමිණිලි කර තිබුණේ ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ ඒකකයටයි.
එම පැමිණිල්ල පදනම් කර ගනිමින් යෝගී පටේල් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇප මත නිදහස් කර තිබිණි.
පසුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
මුදලට තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙරට ගොනු කෙරුණු පළමු නඩුව සහ දඬුවම් නියම වූ පළමු නඩුවද මෙය වීම විශේෂත්වයකි.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ දකුණු ආසියාවේම පවරනු ලැබූ පළමු නඩුවද මෙය බව සඳහන්.
මෙහි විමර්ශන සිදු කළේ, 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයයි.