මුම්බායි ඉන්දියන්ස් පළමු ජය

මුම්බායි ඉන්දියන්ස් මෙවර IPL තරගාවලියේ සිය කුළුදුල් ජය වාර්තා කරයි..

by Staff writer 01-04-2025 | 9:44 AM

COLOMBO (News1st) - මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ඊයේ(31) වාර්තා කළේ ය.

ඒ, වත්මන් ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී  පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16යි 2ක් සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණි.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදියි තරගය ජය ගත්තේ ය.