සරසවි සිසුවාගේ මරණය පිළිබඳ සිසුන් 04ක් අත්අඩංගුවට

සරසවි සිසුවාගේ මරණය පිළිබඳ සිසුන් 04ක් අත්අඩංගුවට

by Staff writer 04-05-2025 | 10:46 PM

COLOMBO (News1st) - සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නවක වද පනත යටතේ අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ 03 වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.