ඉදිරියේදී තවත් අපරාධකරුවන් 20ක් දිවයිනට

ඉදිරියේදී තවත් අපරාධකරුවන් 20ක් දිවයිනට රැගෙන එනවා - පොලීසිය

by Staff writer 05-05-2025 | 10:26 AM

COLOMBO (News1st) - විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20 දෙනෙකු ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙකු දිවයිනට රැගෙනවිත් ඇති බවයි.

ජාත්‍යන්තර පොලීසියේ සහයෙන්, අදාළ රටවල් සමග සම්බන්ධීකරණයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන සිදුකරනු ලැබේ.