අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

by Staff writer 10-05-2025 | 5:38 PM

COLOMBO (News 1st) - මධ්‍යම , සබරගමුව , ඌව , දකුණ සහ උතුරු පළාත්වලට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ සහ පුත්තලම , ගාල්ල , මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට හෙට (11) උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි වේ.

තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.