.webp)
පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක්.
රෝගීන්, කොත්මලේ, ගම්පොළ, නුවරඑළිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇත.
රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ, ඉන් වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවයි.
ප්‍රපාතට පෙරළුණු බස් රථයේ සිටි පිරිස් මුදා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව, පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ගැරඬිඇල්ල ප්‍රදේශය බලා පිටත් කර යවා ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි.
මේ අතර අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සමග අනතුර සිදුවූ ස්ථානය බලා ගමන් කරමින් සිටින බව, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.