දන්සැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2500ක්

දන්සැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2500ක්

by Staff writer 13-05-2025 | 3:27 PM

COLOMBO (News 1st) - වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2,500 ක පිරිසක් යොදවා තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ, දිවයින පුරා දන්සැල් 8,894ක් ලියාපදිංචි කර තිබූ බවයි.

ඉන් දන්සැල් 8ක් සෞඛ්‍යාරක්ෂිත නොවන බැවින් වසා දැමීමට පියවර ගත් බව, එම සංගමය ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අඩුපාඩු සහිත දන්සැල් 17ක් සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවයි.