මහනුවර බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක්....

මහනුවර බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක්....

by Staff writer 13-05-2025 | 3:23 PM

COLOMBO (News 1st) -මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ  බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ බස් රථයේ තිරිංග දෝශයක් අනතුරට හේතු වී ඇති බවට සැකකෙරෙන බවයි.

විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් අනතුරට මුහුණ දී ඇති අතර  ඔවුන් ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ දී ඊයේ(12) රාත්‍රී 10 ට පමණ  බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූවන් පේරාදෙණිය,  නුවර හා තිත්තපජ්ජල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 38කි.