'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය අද දෙවැනි දිනටත්

'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය අද දෙවැනි දිනටත්

by Staff writer 13-05-2025 | 11:11 AM

COLOMBO (News 1st) - සිරසා නමාමි, සිරස වෙසක් කලාපය අද(13) දෙවැනි දිනටත් මහජනතාවට විවෘත වේ.

ඒ අනුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද උදෑසන 11.00 සිට සිරසා නමාමි - සිරස වෙසක් කලාපයට වැඩම කරවීමට නියමිතයි.

සිරස වෙසක් කලාපයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ, අභිනීල අක්බමර කේෂ ධාතූන් වහන්සේ මෙන්ම මහ රහතුන්වහන්සේගේ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ඊයේ රාත්‍රී සැදැහැවතුන් විශාල පිරිසක් සිරසා නමාමී සිරස වෙසක් කලාපයට පැමිණියේය.

ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිටින, 1886 දී චූලංකාර රජු මෙරටට දායාද කළ ධාතූන් වහන්සේ ද සිරසා නමාමි සිරස වෙසක් කළාපයට වැඩම කළේ ය.

මෙවර සිරස වෙසක් කලාපය සර්වඥ ධාතු වන්දනා, දර්ශනීය පෙරහැර, දන්සැල්, තොරණ,වෙසක් කූඩූ ,බැති ගී ආදියෙන් සමන්විතයි.

සිරසා නමාමි සිරස වෙසක් කලාපය,කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස සිරස මූලස්ථාන පරිශ්‍රයේදී ලබන 16 වැනිදා දක්වා පැවැත්වේ.