.webp)
එහි වසංගත රොග ඒකකය පැවසුවේ රෝග ව්‍යාප්තිය පිළිබඳ බස්නාහිර පළාතේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට තෝරා ගත් රෝහල්වල ආවේක්ෂණය කළ බවයි.
එහිදි හෙළි වී ඇත්තේ බස්නාහිර පළාතේ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව දිවයිනේ සියලු පළාත්වල චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වී අවේක්ෂණය ඇරඹූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
චිකුන්ගුන්යා රෝග වාහකයා වන්නේද ඩෙංගු රෝගය බෝ කරන ‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් ය.
හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව මෙන්ම උණ එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
මීට අමතරව හන්දිපත් කැක්කුම,නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතියි.
රෝගයෙන් වැලකීම සඳහා මදුරුවන් බෝ නොවන පරිදි අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.