.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාන්තාවක් සිය මෝටර් රථයේ ඩිකියේ තිබු ගමන් මල්ලක් රැගෙන නිවස වෙත යමින් සිට ඇති බවයි.
රන් ආලේපිත ගිනි අවිය එහි තිබී ඇති අතර, ඒ බව දුටු ආරක්ෂක නිලධාරීන් ඒ සම්බන්ධයෙන් විමසා පොලිසිය දැනුවත් කර ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.
67 හැවිරිදි කාන්තාව ගිනිඅවිය රැගෙන ගොස් ඇත්තේ, එය සෙල්ලම් ගිනිඅවියක් යැයි අනුමාන කරමින් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, T 56 මැගසිනයක් ද එහි තිබී සොයාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.