.webp)
ඒ අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 78ක්.
කලාත්මක සිනමාවේ වගේම වාණිජ සිනමාවේ සිය අනන්‍ය ලකුණ සනිටුහන් කළ ඇය, හෙළ සිනමාවට නිධානයකි.
වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරය එක ලෙස අතික්‍රමණය කරමින් ඇය විශද කළ රංග ප්‍රතිභාව, පසු පරම්පරා ගණනාවක් ගුරු කොට ගත්තේ ය.
1947 වසරේ අප්‍රේල් 30 වැනිදා කැලණියේදී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා වේදිකා නාට්‍ය හරහා සිය කලාත්මක ගමන ආරම්භ කළා ය.
දශක 5කට අධික කාලයක් ඇය නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්ත්රරි සුවඳ, තුෂාරා , ආවා සොයා ආදරේ ඇතුළු චිත්‍රපට සිය ගණනකට සිය රංගන දායකත්වය ලබා දුන්නා ය.
හෙළ සිනමාවේ නාමය ජාත්‍යන්තරය තුළ , රනින් බැබළ වූ ඇය නිරන්තරයෙන් විචාරක සම්මානයට පාත්‍ර වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි.
ඇය 2010 වසරේ සිට 2015 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කළා ය.