එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි...

ඉන්දු පාකිස්ථාන අර්බුධය ගැන සාකච්ඡා කරන්න,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි...

by Staff writer 25-05-2025 | 7:16 AM

COLOMBO (News 1st) - ඉන්දු  පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබේ.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ, සන්නද්ධ ගැටුමෙවලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනුයි.

ඉන්දුස් ජල ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාදෙන බවට, එහිදී ඉන්දීය නියෝජිතයා පාකිස්තාන නියෝජිතයාට චෝදනා කර ඇත.

පාකිස්තානය සඳහන් කර ඇත්තේ, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය මාසයේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව පියවර ගත්තේ ය.

මේ අතර පසුගිය දශක හතර තුළ ත්‍රස්ත ප්‍රහාරවලින් ඉන්දියානුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි, එහිදී අනාවරණය වී තිබේ.