අගමැති හරිනි, නවසීලන්ත උප අගමැති හමුවෙයි

අගමැති හරිනි, නවසීලන්ත උප අගමැති හමුවෙයි

by Staff writer 27-05-2025 | 11:54 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පස්වරුවේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නවසීලන්තයේ උප අග්‍රාමාත්‍ය සහා විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හමුවිය.

ඒ අරලිය ගහ මන්දිරයේදීයී.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ කෘෂිකර්මාන්තයේ තාක්ෂණික සහයෝගීතාව, කාන්තා දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජයේ ඇති කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර, සියලු දෙනාම ඇතුළත් වන පාලනයක්  ප්‍රවර්ධනය කිරීමේදී නවසීලන්තයේ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම පිළිබඳවද සඳහන් කළේ ය.

නවසීලන්තයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා පාසලක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.