.webp)
ඒ , කැරම් බෝඩ් ගණුදෙණුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදියි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ, මහේෂ් වීරමන් , ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විසින් ය.
2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට, අධි චෝදනා 6ක් යටතේ මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.
විනිසුරු මඩුල්ල කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ ශානක රණසිංහ මහතා පෙනි සිටියේය.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනි සිටියේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතායි.